නාලන්දා ගුරුවරයාගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

Wednesday, 13 July 2016 - 12:15

%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ සිසුන් පිරිසක් පහරදුන් බවට චෝදනා කරමින් පසුගියදා රෝහල්ගත කෙරුණු එම විදුහලේ ගුරුවරයෙකු වන ඊ. එම්. සුසන්ත හේරත් අද (13) මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කළා.

ඒ තමන්ට පහර දුන් සැකකරුවන් බොරැල්ල පොලිසිය මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව පවසමින්.

විදුහල්පතිවරයා සහ සිසුන් පිරිසක් තමන්ට පහරදුන් බව පවසමින් මෙම ගුරුවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත්වී තිබුණේ පසුගිය 8 වනදායි.