කැළණි ගඟේ දියනාමින් සිටි පුද්ගලයෙකු අතුරුදන්

Wednesday, 13 July 2016 - 13:00

%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92+%E0%B6%9C%E0%B6%9F%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
පෑලියගොඩ - පරාක්‍රම මාවත ප්‍රජා ශාලාව අසලදී කැළණි ගඟේ දියනෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

ඊයේ පස්වරුවේ මෙලෙස අතුරුදන්ව ඇත්තේ වටගොඩ - මැදකුඹුරවත්ත ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.

නාවික හමුදාව සමග එක්ව අතුරුදන්වූ පුද්ගලයා සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි පෑලියගොඩ පොලිසිය සදහන් කළේ.