අලි තර්ජනවලට එරෙහිව මග හරස් කළ පිරිසකට ඇප

Wednesday, 13 July 2016 - 14:58

%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B8%E0%B6%9C+%E0%B7%84%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
වනඅලි තර්ජනවලට විරෝධය පළ කරමින් පුත්තලම - කුරුණෑගල ප්‍රධාන මාර්ගය අවහිර කළ බවට චෝදනා එල්ල වූ සැකකරුවන් 17 දෙනෙකු ඇප මත මුදා හැරීමට පුත්තලම මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න අද නියෝග කළා.

ඒ අනුව එක් අයෙකු රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරුණු අතර යළි සැප්තැම්බර් 14 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි ඔවුන්ට නියෝග කෙරුණේ.

පසුගිය ජුනි 15 වනදා පුත්තලම, පලූගස්වැව, අට්ටවිල්ලූව, දංගහවල ඇතුළු ගම්මාන කිහිපයක ජනතාව මෙලෙස විරෝධතාවක නිරත වූ අතර, පුත්තලම - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගල්කුලම ප්‍රදේශයෙන් අවහිර කළ ඔවුන් වාහන ගමනාගමනයට ඉඩ ලබාදුන්නේ නැහැ.

විරෝධතාව නිසා ජනතාවට පීඩා සිදුවූ බව පවසමින් ඊට අදාළ පැමිණිල්ල ගොනුකර තිබුණේ පුත්තලම පොලිසියයි.