ජපාන අධිරාජ්‍යයාගෙන් ඓතිහාසික තීරණයක්

Wednesday, 13 July 2016 - 16:13

%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%93%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
බලය අත්හැරීමට සුදානම් බවට ජපාන අකිහිතෝ අධිරාජ්‍යයා ප්‍රකාශකර තිබෙනවා.

82 වන වියෙහි පසුවන ජපාන අධිරාජ්‍යයා ලබන වසරේදී ධුරයෙන් ඉවත්වන බවටයි ප්‍රකාශකර ඇත්තේ.

අකිහිතෝ අධිරාජ්‍යයා මේවන විට රෝගී තත්වයකින් ද පෙළෙන බව විදෙස් පුවත් සේවා සඳහන් කලා.

කෙසේවෙතත් මෙම තීරණයට හේතුවු නිශ්චිත කරුණක් පිළිබඳ අධිරාජ්‍යයා ප්‍රකාශ කර නැහැ.

වසර 27 ක් පමණ ජපානයේ පාලනය හොබවන අකිහිතෝ අධිරාජ්‍යයාගේ ඉල්ලා අස්වීම මෑත කාලීනව ජපානයේ සිදුවන විශේෂිත සිදුවීමක් ලෙසටයි සැලකෙන්නේ.

අකිහිතෝ අධිරාජ්‍යයාගේ සමුගැනීමෙන් අනතුරුව එම ධුරයට පත්වීමට නියමිතව ඇත්තේ 56 හැවිරිදි නරුහිතෝ කුමරුයි.