හෙට සිට කාලගුණයේ වෙනසක්

Wednesday, 13 July 2016 - 16:33

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
හෙට සිට ලබන 18 වනදා දක්වා දිවයිනේ පවතින කාලගුණික තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

විශේෂයෙන් මධ්‍යම කඳුකර ප්‍රදේශවල වැසි සහිත කාලගුණික තත්වයේ වැඩි වීමක් මෙම දිනවල අපේක්ෂා කරන බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

බස්නාහිර / සබරගමුව / මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනවා.

සෙසු ප්‍රදේශවල සවස 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.