සිරබත් කෑ දෙමව්පියන් ජනපතිට සහ අගමැතිට ලියයි

Thursday, 14 July 2016 - 7:12

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%91+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මීගහතැන්න ප්‍රාථමික විදුහලේ පළමු වසරට සිසුන් ඇතුළත් කර ගැනීමේදී අසාධාරනයට ලක්වූ දෙමව්පියන්ගේ සංගමය ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.

අසාධාරණයට ලක්වූ ළමයින් 9 දෙනා මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට ඇතුළත් කොට නිසි අධ්‍යාපනය ලබාදීමට වැඩපිළිවෙලක් සකස් කරන ලෙසයි මෙම ලිපිය මගින් ඉල්ලා ඇත්තේ.

මෙම දරුවන් මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලය හැර වෙනත් පාසලකට ඇතුළත් කිරීමට මොවුන්ගේ දෙමව්පිය සංසදය එකඟ නොවූ බවද එහි දැක්වෙනවා.

පසුගිය දිනවල ඇතිවූ සිද්ධින් සමඟ මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයාට හෝ ආචාර්ය මණ්ඩලයට කිසිදු විරෝධතාවක් පළ නොකරන අතර, ඔවුන් සමඟ කිසිදු අමනාපයක් නොමැති බවද එම ලිපියෙහි සඳහන්.

 ඒ අනුව මෙම දරුවන්ට පන්ති කාමරයට ගොස් නිසි අධ්‍යාපනයක් ලබාගැනීමට සුදුසු වාතාවරණයක් සකස් කරන ලෙසයි  දෙමව්පිය සංගමය  ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයා වෙත යවන ලද ලිපියෙන් ඉල්ලා ඇත්තේ.

එමෙන්ම මෙම දරුවන් මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් කරන්නේ නම් ඔවුන් පාසල් ගාස්තුවලින් නිදහස් කර අවම වශයෙන් වසර දෙකක් හෝ යනතුරු පාසල් බස් රථ ගාස්තු ලබාදීමට පියවර ගන්නා ලෙසද දෙමව්පිය සංගමය පවසනවා.

පසුගියදා මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ලමයින් 9 දෙනෙකු  ඇතුළත් කිරීමේදී ඇතිවූ ගැටළු සහගත තත්ත්වයට වගකිවයුත්තේ එම විද්‍යාලයේ  ආරක්ෂක නිලධාරිනිය බවත් ඇය එම තනතුරෙන් ඉවත් කර ඒ වෙනුවට වෙනත් කෙනෙකු පත් කරන ලෙස මොවුන් ඉල්ලීමක් කරනවා.