ලක්ෂ 30 ක රන් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Thursday, 14 July 2016 - 9:19

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+30+%E0%B6%9A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නීති විරෝධී ලෙස ඉන්දියාවේ මුම්බායි බලා රැගෙන යාමට උත්සහ කළ රුපියල් ලක්ෂ 30ක වටිනාකමකින් යුත් රන් තොගයක් සමඟ සැකකරුවෙකු ගුවන්තොටුපළ රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි මොහු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ එල් 141 දරණ යානයෙන් මුම්බායි බලා පිටත්ව යාමට ගුවන්තොටුපළට පැමිණ ඇත්තේ ඊයේ රාත්‍රී 11යි 30ට පමණයි.

මොහු සිය පාවහන්වල සූක්ෂම ලෙස සඟවාගෙන මෙම රන් කැබලි ශ්‍රී ලංකාවෙන් පිට කිරීමට උත්සහ කර ඇති අතර සැකකරු ලඟ තිබූ ග්‍රෑම් 600ක් බරැති රන් කැබලි 06ක් රේගු භාරයට ගෙන තිබෙනවා.

මෙම රන් කැබලි රාජසන්තක කළ රේගුව මොහුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කරනු ලැබුවා.