තවත් අයි. එස්. ප්‍රබලයෙකු මියයයි

Thursday, 14 July 2016 - 9:25

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.+%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ ප්‍රධානියෙකු ලෙස කටයුතු කළ ඔමාර් ශිෂානි ජීවිතක්ෂයට පත්වී ඇති බව එම සංවිධානය මේ වනවිට පිළිගෙන තිබෙනවා.

පසුගිය මාර්තු මාසයේදි සිය ගුවන් ප්‍රහාරයකින්  ඔමාර් ශිෂානි මියගිය බව ඇමරිකාව ප්‍රකාශ කළද අයි.එස්. සංවිධානය එය පිළිගෙන තිබුණේ නැහැ.
 
කෙසේ වෙතත් සිය සංවිධානයේ ප්‍රබලයෙකු වූ ඔමාර් ශිෂානි මියගිය බව අයි.එස්. සංවිධානය පිළිගෙන තිබෙනවා.

මියගිය ඔමාර් ශිෂානි සැළකෙන්නේ අයි. එස්. නායක අබුබකර් අල් බග්ඩාඩිගේ සමීපතමයෙක් ලෙසයි.