සංචාරක හෝටලයක් තුළදී ජර්මන් ජාතික කුඩා දරුවෙකු විදුලි සැර වැදී මරුට (ඡායාරූප)

Thursday, 14 July 2016 - 10:20

%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%84%E0%B7%9D%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%AF%E0%B7%93+%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
වෙන්නප්පුව - වයික්කාල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළදී ජර්මන් ජාතික කුඩා දරුවෙකු විදුලි සැර වැදී මියගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ මෙලෙස විදුලි සැර වැදී මියගිය දරුවාගේ වයස අවුරුද්දයි මාස 10 ක් වන බවයි.

අනතුරින් මියගිය දරුවා තම මව්පියන් සමග සංචාරයක් සඳහා මෙරටට පැමිණ මෙම හෝටලයේ නවාතැන් ගෙන සිට තිබෙනවා.

මව්පියන් භෝජනාගාරයේ රාත්‍රී ආහාර ගනිමින් සිටින විට මෙම දරුවා බිම සෙල්ලම් කරමින් සිට  ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

භෝජනාගාරයේ බිම තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක් මෙම දරුවා ස්පර්ශ කිරීම නිසා මෙලෙස විදුලි සැර වැදී ඇති බවටයි පොලීසිය සඳහන් කළේ.



ඡායාරූප - සීදුව ප්‍රසාද් මුතුකුඩ