ගැටුම් නිසා දකුණු සුඩානයේ විදේශිකයන් ඉවත් කරයි

Thursday, 14 July 2016 - 12:50

%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B7%94%E0%B6%A9%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
දකුණු සුඩානයේ ගැටුම් උත්සන්න වීමත් සමඟ එහි සිටින විදේශිකයන් ඉවත් කිරීම ආරම්භ කර තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ ජර්මනිය, එංගලන්තය, ඉතාලිය, ජපානය, ඉන්දියාව සහ උගන්ඩාව යන රටවලින් පැමිණ දකුණු සුඩානයේ සිටින විදේශිකයන් සිය රටවලට යැවීමේ කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතින බවයි.

දකුණු සුඩානයේ ජනාධිපති සල්වා කීර් ගේ සහ ඔහුගේ ප්‍රතිවාදියෙකු වූ උප ජනාධිපති රෙයික් මචාර්ගේ  කණ්ඩායම් අතර මෙම ගැටුම් උත්සන්න වෙමින් පවතිනවා.

කෙසේ වෙතත් මේ වනවිට දෙපාර්ශවය අතර සටන් විරාමයක්ද ක්‍රියාත්මකයි.