දිවයිනේ සියලූම පාසල්වල ඩෙංගු මර්දන වැඩසටහන්

Thursday, 14 July 2016 - 15:00

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%96%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%8A
දිවයිනේ සියලූම පාසල්වල ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබාදුන් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන්ගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම උපදෙස් ලබාදී ඇති බවයි එම අමාත්‍යාංශය පවසන්නේ.

ඒ අනුව සෑම පාසලකම සතියකට වරක් ශ්‍රමදාන ව්‍යාපාරයක් පැවැත්විය යුතු බවට උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම, ඩෙංගු රෝගය පිළිබදව සෑම සතියකටම වරක් පාසල් සිසුන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ පැවැත්වීමට ද එම සාකච්ඡාවේදී තීරණය කළ බව සදහන්.

ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා පොලිසියේ සහයෝගය ලබා ගැනීමට ද බලාපොරොත්තු වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.