Update: ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ප්‍රංශයේ ආරක්ෂක මණ්ඩලය රැස් වේ (ඡායාරූප)

Friday, 15 July 2016 - 6:41

Update%3A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ප්‍රංශයේ - නීස් නුවර බැස්ටීල දින සැමරුමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ජනාධිපති ෆ‍්‍රාන්ෂුවා හොලාන්ඞ් එරට ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැදවා තිබෙනවා.

ආරක්ෂක, අභ්‍යන්තර කටයුතු සහ අනෙකුත් වැදගත් අමාත්‍යවරුන්ගෙන් සමන්විත ආරක්ෂක මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා නීස් නුවර බලා පිටත්වීමට නියමිතයි.

අවි ආයුධ පිරවූ ලොරි රථයක් ජනතාව අතරට කඩා වැදී එල්ල කළ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 80 දක්වා ඉහළ ගොස් ඇති අතර, තුවාල ලැබූ 18 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව සදහන්.

හදිසි පියවරක් ලෙස මුර සංචාර සදහා සෙබලූන් දසදහසක් යෙදවීමට ද ප්‍රංශ ජනාධිපතිවරයා නියෝග කළා.

ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් හදුනාගැනීමේ කටයුතු මේ වනවිට සිදුවන බවයි.

------------------------------------------------------------------------------------------

ප්‍රංශයට එල්ල වූ නවතම ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු එරටට පනවා තිබූ හදිසි නීතිය තවත් මාස 3 කින් දීර්ඝ කිරීමට ජනාධිපති ෆ‍්‍රාන්ෂුවා හොලාන්ඩ් තීරණය කළා.

පැරිසියට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පැන වුණු හදිසි නීතිය ජූලි 26 වනදායින් අවසන් වීමට නියමිතව තිබුණා.

එහෙත් ප්‍රංශයේ ජාතික නිවාඩු දිනයක් වූ බැස්ටීල දිනය යෙදී තිබුණු ඊයේ නීස් නුවරට එල්ල වූ ප්‍රහාරයෙන් පසු එය දීර්ඝ කරන බව ජනාධිපති ෆ‍්‍රාන්ෂුවා හොලාන්ඩ් නිවේදනය කළා.

එමෙන්ම, ප්‍රංශය තුළ සහ දේශසීමාවන්හි ආරක්ෂක භට සංඛ්‍යාව ඉහළ නැංවීමට ද පියවර ගැනෙනවා.

ජනාධිපති හොලාන්ඩ් වැඩිදුරටත් කියා සිටියේ මුළු ප්‍රංශයම ඉස්ලාමීය ත්‍රස්තවාදයේ තර්ජනයට ලක්ව ඇති බවයි.

ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 80 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

------------------------------------------------------------------------------------------

දකුණුදිග ප්‍රංශයේ - නීස් නුවර වෙරළාසන්නයේ ප්‍රංශ විප්ලවයේ උච්චතම අවස්ථාව වූ බැස්ටීල් දින සැමරීමට රැස් වූ පිරිස වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය පටවා ගත් ලොරි රථයක් ජනයා අතරට පදවාගෙන ගොස් ඇති අතර අතර එහිදී වෙඩි තැබීම් සහ පිපිරවීම් සිදුවී තිබෙනවා.

ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයන් 77 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තවත් විශාල පිරිසක් එහිදී තුවාල ලැබුවා.

මෙය ප්‍රංශයට එල්ල වූ නවතම ත්‍රස්ත ප්‍රහාරය ලෙසයි බලධාරින් හඳුන්වා ඇත්තේ.

නීස් නුවර බැස්ටීල් දින සැමරුමට එල්ල වූ ප්‍රහාරයෙන්, තවත් සියයකට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

ඉන් අවම වශයෙන් 15 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව සදහන්.

අවි ආයුධ පුරවා ගත් ලොරි රථය ජනයා අතරට, කඩා වැදී කිලෝමීටර් දෙකක් පමණ දුරට ගමන් කර ඇති අතර, ලොරි රථය තුළින් වෙඩි ප්‍රහාරයක් ද එල්ල වී තිබෙනවා.

ලොරි රථයේ රියදුරාට වෙඩි තබා එය පාලනය කර ගැනීමට ප්‍රංශ ආරක්ෂක අංශ සමත් වූ අතර, පසුව එහි තිබී අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයා ගැණුනා.

ලොරි රථය තුළ තවත් පුද්ගලයින් සිටියේ ද යන්න හෙළිදරව් වී නැහැ.

ප්‍රහාරය ආරම්භ වී ඇත්තේ බැස්ටීල් දින සැමරුමේ ගිනිකෙලි සංදර්ශනය නිමාවට පත්වීමත් සමගයි.

ප්‍රංශයට එල්ල වූ මෙම මිලේඡ්ච ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකින බව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.