තියුණු ආයුධයකින් පහරදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කෙරේ

Friday, 15 July 2016 - 7:15

%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
වැලිවේරිය, බටහිර වැලිවේරිය - පියරතන මාවත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කර තිබෙනවා.

ඊයේ (14)  දහවල් නිවස තුළ සිටියදී ඔහු ඝාතනයට ලක්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඝාතනය සිදුකළ පුද්ගලයන් කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, මියගිය පුද්ගලයාගේ පපුව ප්‍රදේශයේ සහ තවත් ස්ථාන කිහිපයක කැපුම් පහර ගණනාවක් දක්නට ලැබෙන බව පොලිසිය ප්‍රකාශ කළා.

ඝාතනය සම්බන්ධයෙන් වැලිවේරිය පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.