whatsapp භාවිත කරන්නන්ට කණගාටුදායක පුවතක්

Friday, 15 July 2016 - 11:07

whatsapp+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B6%AB%E0%B6%9C%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A
ස්මාර්ට් ජංගම දුරකථන භාවිත කරන්නන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත්ව ඇති WhatsApp පිළිබඳ කණගාටුදායක පුවතක් මේවන විට අනාවරණ වී තිබෙනවා.

ඒ මෙම වසරේ දෙසැම්බර් 31 වනදායින් පසු WhatsApp ක්‍රියාකාරීත්වය නතරවන බවයි.

එහි බලධාරීන් නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර ඇත්තේ ස්මාර්ට් ජංගම දුරකථන වර්ග කිහිපයකින් තමන් WhatsApp සේවාව ඉවත්කර ගන්නා බවයි.

පැරණි ඇන්ඩ්‍රොයිඩ් / වින්ඩෝස් සහ iOS මෙහෙයුම් පද්ධති පවතින දුරකථනවලින් ද මේ අනුව WhatsApp සේවාව ඉවත්වනු ඇති.

පසුගිය මාර්තු මාසයේ සිට මේ සම්බන්ධයෙන් WhatsApp සමාගම අනතුරු අගවා තිබුන ද එහි ක්‍රියාකාරීත්වය නතරවන දිනයක් පිළිබඳ නිශ්චිතව හෙළිකර තිබුනේ නැහැ.

ඒ අනුව දෙසැම්බර් 31 වනදායින් පසු පහතින් දැක්වෙන දුරකථනවලින්  WhatsApp සේවාව ඉවත්වනු ඇති.

BlackBerry, including BlackBerry 10

Nokia S40

Nokia Symbian S60

Android 2.1 and Android 2.2

Windows Phone 7.1

iPhone 3GS/iOS 6