ප්‍රංශයේ ත්‍රස්ත ප්‍රහාරය ජනපති හෙළා දකී

Friday, 15 July 2016 - 12:36

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%93
ප්‍රංශයේ - නීස් නුවර, බැස්ටීල දින සමරුවට එල්ල වූ ප්‍රහාරය හෙලා දකිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ එම බියගුළු ත්‍රස්ත ප්‍රහාරයෙන් තමා  දැඩි කම්පනයට පත්වූ බවයි. එමෙන්ම, ශෝකයට පත් ප්‍රංශ ජනතාව වෙනුවෙන් සිය කණගාටුව පළ කරන බවත් ජනාධිපතිවරයා තම ට්විටර් පණිවුඩය මගින් සදහන් කර තිබෙනවා.

ප්‍රංශයේ ජාතික නිවාඩු දිනයක් වූ ඊයේ නීස් නුවර සැමරුම්වලට ලොරි රථයකින් එල්ල කළ ප්‍රහාරය නිසා පුද්ගලයින් 84 දෙනෙකු මියගිය අතර, තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා.