අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුවට

Friday, 15 July 2016 - 12:44

%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තෙදින නිල සංචාරයක් සඳහා අනිද්දා සිංගප්පූරුව බලා පිටත්ව යනවා.

මෙම සංචාරයේදී සිංගප්පූරු ජනාධිපති ටෝනි ටැන් කෙං යෑම් සහ අග්‍රාමාත්‍ය  ලී ෂියෑන් ලූං සමඟ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද්විපාර්ශවික සාකච්ඡා පවත්වනු ඇති.

මෙහිදී සිංගප්පූරුවේ රැෆල්ස් නාගරික සම්මන්ත්‍රණ කේන්ද්‍රයේදී පැවැත්වෙන 03 වන දකුණු ආසියානු ඩයස්පෝරා සමුළුවේ ආරම්භක සැසිවාරයේ ප්‍රධාන දේශනයද අග්‍රාමාත්‍යවරයා විසින් පැවැත්වීමට නියමිතයි.