ප්‍රංශ ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයින්ට හානියක් නැහැ

Friday, 15 July 2016 - 12:48

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
ප්‍රංශයේ - නීස් නුවර බැස්ටීල දින සමරුමට එල්ල වූ ප්‍රහාරයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුවූ බවට මෙතෙක් වාර්තා නොවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

එහි ප්‍රකාශිකාවක කියා සිටියේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් තානාපති කාර්යාල මට්ටමින් සොයා බලන බවයි.

ප්‍රංශයේ - නීස් නුවර බැස්ටීල දින සැමරුමට අවි ආයුධ පිරවූ ලොරි රථයක් ජනතාව අතරට කඩා වැදී එල්ල කළ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 84 දක්වා ඉහළ ගොස් ඇති අතර, තුවාල ලැබූ 18 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව සදහන්.

එම ප්‍රහාරය එල්ල වූ ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ මේ අයුරින්.