පූනේ රන් මිනිසා ඝාතනය කරයි

Friday, 15 July 2016 - 14:24

%E0%B6%B4%E0%B7%96%E0%B6%B1%E0%B7%9A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
කැරට් 22 රනින් නිමවූ ඉන්දීය රුපියල් කෝටියක්  පමණ වටිනා කමිසයක් සහ තවත් කිලෝ ගණනක රන් ආභරණ පළදින ඉන්දියාවේ - පූනේ නගරයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන දත්තා පූගේ අද අලූයම ඝාතනය කර තිබෙනවා.

48 හැවිරිදි මොහු සිය රථයෙන් ඉවතට ගත් පුද්ගලයන් පිරිසක් ඔහුට පහරදී ඝාතනය කර ඇත්තේ ව්‍යාපාරිකයාගේ 22 හැවිරිදි පුත්‍රයා ඉදිරියේදීයි.

පියාට සහ පුතුට උපන් දින උත්සවයක් සදහා ආරාධනයක් ලැබී ඇති අතර, එය එවා ඇත්තේ ද පහරදුන් සැකකරුවෙකු බව දැන් අනාවරණ වී තිබෙනවා.

ව්‍යාපාරික ආරවුලක් මත මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවටයි ඉන්දීය පොලිසිය විශ්වාස කරන්නේ.

දත්තාගේ කිලෝග්‍රෑම් 3 යි දශම 5 ක් බරැති රන් කමිසය බෙංගාලයේ රන්කරුවන් 15 දෙනෙකු විසින් විශේෂයෙන් නිමවන ලද්දක්.