නව ආර්ථික ව්‍යාපෘති ගැන අගමැතිගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

Friday, 15 July 2016 - 15:09

%E0%B6%B1%E0%B7%80+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මොනරාගල - ඇඹිලිපිටිය සහ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කය ඇතුලූ තවත් ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කර ගනිමින් විශේෂ ආර්ථික සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබද රජයේ අවධානය යොමුවී තිබෙනවා.

ඒ පිළිබදව විශේෂ සාකච්ඡාවක් හම්බන්තොට වරාය ශ්‍රවණාගාරයේදී අද පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

මෙම සාකච්ඡාවේදී හම්බන්තොට වරාය ආශ්‍රිතව අක්කර 3000 කට අධික භූමි ප්‍රදේශයක් යොදා ගනිමින් ඉදිකෙරෙන නව කර්මාන්ත කලාපය පිළිබදව ද සාකච්ඡාවට ලක්වුණා.

එය ඉදිකරනු ලබන්නේ චීන රජයේ මූල්‍ය දායකත්වයෙන්.

මීට අමතරව, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවල මෙන්ම ඇඹිලිපිටිය ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වී ඇති බව සදහන්.

මේ අතර, අද පස්වරුවේ අග්‍රමාත්‍යවරයා කතරගමදී ආගමික වතාවත්වලට එක්වුණා.