අල්ලස් ගත් වන සංරක්ෂණ නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

Friday, 15 July 2016 - 16:04

%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මුලතිව් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 50,000ක අල්ලස් මුදලක් ලබා ගත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුලතිව් අඩවි වන කාර්යාලයට අනුයුක්තව සේවය කල නිලධාරියෙකු සහ ක්ෂේත්‍ර නිලධාරියෙකු බවයි එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

වැලි, බොරලූ ඇතුළු ඛනිජ ද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා මුලතිව්, තුලාමුරිප්පු ප්‍රදේශයේ ඉඩමකට බලපත්‍රයක් නිකුත් කිරීම වෙනුවෙන් එම නිලධාරීන් දෙදෙනා අදාළ ව්‍යාපාරිකයාගෙන් මෙලෙස අල්ලස් මුදලක් ලබාගෙන ඇති බව සදහන්.