ශිෂ්‍යත්වයට පෙනි සිටිමට සුදානමි වු පාසල් සිසුවෙක් පැහැර ගැනේ

Friday, 15 July 2016 - 16:19

%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
පහ වසරේ අධ්‍යාපනය ලබන සිසුවකු ත්‍රිරෝද රථයකින් පැහැර ගෙන ගියේ යැයි කියන සිද්ධියක් සමිබන්ධයෙන් හැටන් පොලීසිය පරීක්ෂණයක්  ආරමිභ කර තිබෙනවා.

හැටන් ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබන මෙම සිසුවා ඊයේ දින  පැහැර ගෙන ඇති බව පොලිසිය සදහන් කළා.

අමතර පංතියකට සහභාගි වී පුංචි අමිමාගේ නිවසට යන අතර මගදී නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු ත්‍රී රෝද  රථයකට නංවාගෙන රැගෙන ගිය බවයි සිසුවා පැවසුවෙි.

ත්‍රී රෝද  රථයකට නංවාගෙන අත, පය හා කට ගැට ගසා රැගෙන ගොස් නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගයේ තලවාකැලේ තේ කර්මාන්ත ශාලාව අසල ප්‍රධාන මාර්ගයේ දමා ගිය බවයි සිසුවා සදහන් කලේ.

සිසුවා විසින් තලවාකැලේ දුමිරිය ස්ථාන නිලධාරීන් දැනුමිවත් කිරීමෙන් පසු සිසුවා දෙමවුපියන් වෙත භාර දී ඇති අතර අනතුරුව දෙමවුපියන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු සිසුවා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.