Update : තුර්කියේ බලය කාට ද? - තවමත් අවිනිශ්චිතයි

Saturday, 16 July 2016 - 7:14

Update+%3A+%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7+%E0%B6%AF%3F+-+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
හමුදාව විසින් තුර්කියේ ඉස්තාන්බුල් නුවර සහ අන්කාරා අගනුවර බලය අත්පත් කර ගනිද්දී ජනාධිපති අර්ඩවාන් රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතා තිබෙනවා.

හමුදාව විසින් අල්ලා ගත් ගුවන් විදුලි මධ්‍යස්ථාන නැවත රජයේ පාලනයට ගෙන ඇති බවයි ඇතැම් වාර්තා සඳහන් කළේ.

ජනතා බලයට වැඩි බලයක් නොමැති බව පැවසූ තුර්කි ජනාධිපතිවරයා එරට පොදු චතුරස‍්‍ර සහ ගුවන් තොටුපළ වෙත එක්රැස් වන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියා.

සිය ආධාරකරුවන් විසින් වට කර ගත් තුර්කි ජනාධිපතිවරයා සජීවි ලෙස රූපවාහිනිය ඔස්සේ පෙනී සිටිමින් මේ බව සදහන් කළා.

කෙසේ නමුත්, ජනාධිපතිවරයාට සහාය දක්වන හමුදා නායකයන් කුමන්ත්‍රණය මෙහෙය වූ කණ්ඩායම විසින් රදවාගෙන සිටින බවත්, ඉස්තාන්බුල් නුවර ප්‍රධාන චතුරස‍්‍රයේ විශාල පිපිරීම් අසන්නට ලැබුණු බවත් විදෙස් වාර්තා සදහන් කළා.

මේ අනුව තුර්කියේ බලය තහවුරු කරගෙන සිටින්නේ කුමන කණ්ඩායම විසින් දැයි අවිනිශ්චිත බව එම වාර්තා වැඩිදුරටත් කියා සිටියා.




Update : Saturday, July 16, 2016 09.03
------------------------------------------------

තුර්කියේ පාලන බලය සියතට ගත් බව එරට හමුදාව පවසනවා.

හමුදා සෙබලූන් ඉස්තාන්බුල් නුවර මර්මස්ථානවල යොදවා ඇති අතර, ජෙට් යානා අන්කාරා අගනුවර පහළ අහසේ පියාසරන බව විදෙස් වාර්තා සදහන් කළා.

හමුදා කණ්ඩායමක් රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශ කළේ සාම මණ්ඩලයක් මගින් දැන් තුර්කිය පාලනය කරන අතර රට තුළ ඇදිරි නීතිය සහ යුද නීතිය ක්‍රියාත්මක වන බවයි.

කෙසේ නමුත්, තත්ත්වය බොහෝදුරට පාලනය කර ඇති බවත්, අන්කාරා අගනුවර ඉහළ අහසේ ගුවන් තහනම් කලාපයක් පනවා ඇති බවත්, අග්‍රාමාත්‍ය බිනාලි යිල්දිරිම් ප්‍රකාශ කළා.

ජනාධිපති රෙසිප් අර්ඩවාන් කිසියම් රහසිගත ස්ථානයක සිට සී.එන්.එන්. ප්‍රවෘත්ති සේවාවේ තුර්කි සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ කුමන්ත්‍රණය මැඩ පවත්වන බවයි.

ඔහු මේ වන විට ඉස්තාන්බුල් නුවරට ගුවනින් පැමිණ ඇති බව ඇතැම් වාර්තා සදහන් කරනවා.

කෙසේ නමුත් අන්කාරා නුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට තවදුරටත් වෙඩි හඬ ඇසෙන අතර රටේ පාලනය කා අත පවතින්නේ ද යන්න නිශ්චිතව කිව නොහැකි විදෙස් ප්‍රවෘත්ති සේවා සදහන් කළා.