ඉන්දීය යාත්‍රාවලට අවසරයක් නෑ

Saturday, 16 July 2016 - 8:16

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%91
ඉන්දීය ධීවරයින්ට උතුරු මුහුදු සීමාව තුළ මසුන් මැරීම සඳහා කිසිදු අයුරකින් අවසර ලබානොදෙන බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ එරට රජය හා ධීවර සමිති කිහිපයක් විසින් වසරකට දින 75ක කාලයක් උතුරේ මුහුදේ මසුන් මැරීම සඳහා අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් කර ඇති ඉල්ලීමකට රජය එකඟ වී ඇතැයි යන්නෙන් පළ වන වාර්තා අසත්‍ය බවයි.

මේ අතර, මෙරට මුහුදු සීමාව උල්ලංගණය කළ තවත් ඉන්දීය ධීවරයන් 4 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මන්නාරමට දකුණු දෙසින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ එම ධීවරයන් සහ ධීවර යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව වෙරළාරක්ෂක බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදා වෙබ් අඩවිය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් ධීවරයන් සහ යාත්‍රාව ඉදිරි කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත භාර දී තිබෙනවා.