දේශීය පරීක්ෂණයට විදෙස් උපදෙස් අත්‍යවශ්‍යයි - ඇමරිකාව

Saturday, 16 July 2016 - 7:58

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80
මෙරට පැවැති යුද්ධය පිළිබද සිදුකෙරෙන දේශීය පරීක්ෂණය සම්බන්ධයෙන් විශ්වාසය ගොඩ නැගීමට නම් ඒ සඳහා විදෙස් උපදෙස් අත්‍යවශ්‍ය බව ඇමරිකාව පවසනවා.

මෙරට සංචාරයක නිරත වූ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ කම්කරු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ටොම් මැලිනොවුස්කි මේ බව සදහන් කළේ ශ්‍රී ලංකාවෙන් නික්ම යාමට පෙරයි.

ඇමරිකාව ප්‍රමුඛ රටවල් විසින් ජිනිවා මානව හිමිකම් කොමිසමේදී සම්මත කර ගත් ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව මුළුමනින්ම ක්‍රියාවට නැංවීම සඳහා එම පියවර වැදගත් වන බව ඔහු අවධාරණය කළා.

රොයිටර් පුවත් සේවය පවසන පරිදි ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ මෙරට අධිකරණය පිළිබදව විශ්වාසය පසුගිය කාලය තුළ හීන වී ඇති බවයි.

මේ නිසා යුද්ධය පිළිබද දේශීය පරීක්ෂණය සඳහා ජාත්‍යන්තර සහභාගීත්වයෙන් විශේෂ අධිකරණයක්  පිහිටුවිය යුතු බවයි ඔහු අවධාරණය කළේ.

එය සංකීර්ණ ක්‍රියාමාර්ගයක් වුවද ජනතාවගේ විශ්වාසය තහවුරු කරලීම සඳහා අවශ්‍ය වන බව ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ටොම් මැලිනොවුස්කි සදහන් කළා.