ගුරුවරියකගෙන් අමුතු අල්ලසක් ගත් විදුහල්පතිවරයාට වූ දේ

Saturday, 16 July 2016 - 8:13

%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A
පොළොන්නරුව - මැදිරිගිරිය - අඹගස්වැව මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා අල්ලස් මුදලක් ලබා ගනිමින් සිටියදී ඊයේ අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ කොමිසම පවසනවා.  

එම විදුහලේ සේවය කළ නැටුම් ගුරුවරියක් වෙනත් පාසලකට ස්ථාන මාරු වීම් ලබා ගොස් ඇති අතර ඇයට අවශ්‍ය ලිපි ලේඛන සකස් කර දීම සඳහා මෙම විදුහල්පතිවරයා විසින් රුපියල් 2750ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

විදුහල්පතිවරයාගේ නිළ කාමරයේදී මෙම අල්ලස් ලබා ගැනීම සිදුවී ඇති අතර පාසලේ මුර සේවයේ නිරත වූ පුද්ගලයා ද අතරමැදියෙකු ලෙස ඊට සම්බන්ධ වී ඇති බව සදහන්.

අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා අද හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර, පුත්තලම දිසා අධිකරණයේ කළමනාකාර සහකාරවරයෙකු ද රුපියල් 4500ක අල්ලස් මුදලක් ලබා ගනිමින් සිටියදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දික්කසාද නඩුවක් සඳහා වන්දි වශයෙන් රුපියල් 12,000ක මුදලක් ගෙවීමට ඇති පුද්ගලයෙකුට එම මුදල අඩු කර දෙන බවට වූ පොරොන්දුව මත අදාළ අල්ලස් මුදල ලබාගෙන ඇති බව සදහන්.