යෝෂිතගේ මිත්තණියගේ ඉඩම විකිණීම තහනම්

Saturday, 16 July 2016 - 8:31

%E0%B6%BA%E0%B7%9D%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණියට අයත් යැයි කියන රුපියල් මිලියන 24ක වටිනාකමකින් යුත් නිවස සහ ඉඩම විකිණීම හෝ අන්සතු කිරීම වළක්වාලමින් අධිකරණය ඊයේ නියෝගයක් නිකුත් කළා.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ නුගේගොඩ ඉඩම් රෙජිස්ටාර්වරයා වෙතයි.

පොලිස් මූල්‍ය විමර්ශන ඒකකය විසින් මෝසමක් මගින් ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

යෝෂිත රාජපක්ෂගේ මිත්තණියක් වන ඩේසි ෆොරස්ට්ට අයත් රත්මලාන ප්‍රදේශයේ පිහිටි ඉඩම පර්චස් 31ක වපසරියකින් යුක්තයි.