පාසල් ගිය 16 හැවිරිදි සිසුවිය අතුරුදන් වෙයි

Saturday, 16 July 2016 - 11:42

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+16+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ගාල්ල පිංකන්ද ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවියක් ජුනි මස 1 දා සිට අතුරුදන් වී තිබෙනවා.

ගෝනපීනුවල සාරාලංකාර විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මෙම සිසුවිය ජුනි පළමුවනදා පාසල් ගොස් නැවත නිවසට නොපැමිණි බවටයි ඇයගේ දෙමව්පියන් පවසන්නේ.

මේ අතර දියණිය අතුරැදන් වීමට සතියකට පෙර උල්පිහියක් පෙන්වා තරැණයකු තර්ජනය කල බවට ඇයගේ පියා ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් ඔවුන් හික්කඩුව පොලීසියට පැමිනිලි කර ඇති අතර දියණිය අතුරැදන්ව දින 46 වන අතර තවම පොලීසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවට දෙමාපියන් චෝදනා කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අප හික්කඩුව පොලීසියෙන් සිදුකළ විමසීමකදී ඔවුන් ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක වන බවයි.


 
(දර්ශන - රොෂාන් පියතිලක)