සනීප ද දැන් - හිටපු ජනපති මහින්ද අසයි

Saturday, 16 July 2016 - 12:47

%E0%B7%83%E0%B6%B1%E0%B7%93%E0%B6%B4+%E0%B6%AF+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%85%E0%B7%83%E0%B6%BA%E0%B7%92
සතියකට ගුවන් යානා 24ක් පැමිණි මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වී ගබඩා කළ ආණ්ඩුව රාජපක්ෂවරුන්ගෙන් පළි ගැනීමේ මෙහෙයුමක නිරත වන බවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ චෝදනා කළා.

අයගම - ගවරගිරිය ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ පැවැති ආගමික උත්සවයකට ඊයේ පස්වරුවේ එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා සදහන් කළේ තමන් සිදුකරන පිංකම්වලින් ආණ්ඩුවේ වෛරී සහගත ක්‍රියා නැති විය හැකි බවයි.

තමන්ට ආණ්ඩුවෙන් විමසන්නට ඇත්තේ ඔබට සතුටු ද දැන් නොව ඔබට දැන් සනීප ද යන්නයි.