Update : ලසන්ත ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් බුද්ධි අංශ සාමාජිකයා රඳවාගෙන ප්‍රශ්ණ කෙරේ

Saturday, 16 July 2016 - 13:03

Update+%3A+%E0%B6%BD%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%85%E0%B6%82%E0%B7%81+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BB%E0%B6%B3%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%AB+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B7%8A
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශයේ සැරයන්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තා.

ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් ඔහු අද (16) ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඞ් සහබ්දීන් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබෙනවා.

අනතුරුව සැකකාර බුද්ධි අංශ සැරයන්වරයා හඳුනාගැනීමේ පෙරට්ටුවකටද ඉදිරිපත් කිරීමට නියමිතයි.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ රියදුරෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස රඳවාගෙන ප්‍රශ්න කිරීමේ සිද්ධියකටද මෙම බුද්ධි අංශ සැරයන්වරයාට චෝදනා එල්ල වී තිබෙනවා.



------------------------------------------------------------------------

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශයේ සාජන්ට් මේජර්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන්නේ අද පෙරවරුවේ අදාළ සාජන්ට් මේජර්වරයා ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගත් බවයි.

ඔහු පසුගිය දා පොලීසිය විසින් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළ සැකිලි සටහන් දෙකෙන් එකක පෙනී සිටින අයෙකු බව සදහන්.

අත්අඩංගුවට ගත් සාජන්ට් මේජර්වරයාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන අතර ඔහු හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි.