දිවයිනෙන් H.I.Vආසාදිතයන් 128ක්

Saturday, 16 July 2016 - 13:25

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+H.I.V%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+128%E0%B6%9A%E0%B7%8A
මේ වසරේ මේ වන විට නව එච්.අයි.වී. ආසාදිතයන් 128 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, දිවයිනේ මුළු එච්.අයි.වී. ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2500 ඉක්ම වන බව ජාතික ලිංගාශ්‍රිත සහ ඒඞ්ස් රෝග මර්දන ව්‍යාපාරය පවසනවා.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ හෙළිදරව් නොවූ තවත් එච්.අයි.වී. ආසාදිතයන් 2000ක් පමණ සිටිය හැකි බවයි.

පිරිමින් අතර එච්.අයි.වී. ආසාදනය ඉහළ යාම නව ප්‍රවණතාවක් ලෙස වෛද්‍ය සිසිර ලියනගේ හදුන්වනු ලැබුවා.