නාමල් අත්අඩංගුවට ගත්තේ පළි ගැනීමකට නොවේ - රජය

Saturday, 16 July 2016 - 14:08

%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A+-+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගනු ලැබුවේ දේශපාලන පළි ගැනීමකට නොවන බව අමාත්‍ය ජෝන් අමරතුංග පවසනවා.

ඊයේ පස්වරුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

මෙරට සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනය වෙනුවෙන් ගෙන ඇති පියවර පිළිබදව ද අමාත්‍යවරයා එහිදී පැහැදිලි කළා.