තුර්කි හමුදා කුමන්ත්‍රණය පැරදවීම, ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ ජයග්‍රහණයක් - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියයි

Sunday, 17 July 2016 - 7:18

%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%80%E0%B7%93%E0%B6%B8%2C+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හමුදා කුමන්ත්‍රණයක් මගින් තුර්කියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටපත් කරලීමේ උත්සාහය ව්‍යර්ථ කිරීමට හැකිවීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන  ලෝක ජනතාවගේ සතුටට හේතුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

තුර්කියේ ප්‍රජාතන්ත්‍රවාදි පාලනය ආරක්ෂා කරලීමට තුර්කි ජනාධිපති සහ අගමැති ප්‍රමුඛ රජයට හැකිවීම පිළිබඳව තමාගේ සතුට පිරිනමන බවයි අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ විශේෂ නිවේදනයක දැක්වෙන්නේ.

මෙම තීරණාත්මක අවස්ථාවේ ශ්‍රී ලංකාවේත් ශ්‍රී ලාංකික ජනතාවගේත් සහය ඔවුන් වෙත ලැබෙන බව අවධාරණය කරන බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තුන් දින නිල සංචාරයක් සඳහා අද සිංගප්පූරුව බලා පිටත්ව ගියා.

අග්‍රාමාත්‍යවරයා අද අලූයම 1.10 ට සිංගප්පූරු ගුවන් සේවයට අයත්, එස්.කිව් 469 දරණ යානයෙන් නික්මුණු බවයි හිරු ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.

එහිදී සිංගප්පූරු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෙට සහ අනිද්දා සිංගප්පූරුවේ රැෆල්ස් සම්මන්ත්‍රණ කේන්ද්‍රයේ පැවැත්වෙන 03 වන දකුණු ආසියානු ඩයස්පෝරා සමුළුවේ ආරම්භක සැසිවාරයේ ප්‍රධාන දේශනය පැවැත්වීමටද නියමිතයි.

මෙම සමුළුව සඳහා සම්භාව්‍ය අමුත්තන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, විද්වතුන් සහ සිවිල් සමාජ නායකයන් දහසකට වැඩි පිරිසක් එක් වනවා.

21 වන සියවසේ ලෝක දේශපාලන කරළියේ දකුණු ආසියානු කලාපීය භූමිකාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා.