ව්‍යවස්ථා සංශෝධන යෝජනා වෙනස් කරන්නේ නැහැ - දෙමළ සන්ධානයෙන් ප්‍රකාශයක්

Sunday, 17 July 2016 - 7:28

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-++%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව රජයට ඉදිරිපත් කළ යෝජනා වෙනස් නොකරන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

එහි නායක, විපක්ෂ නායක ආර්.සම්බන්ධන් වව්නියාවේදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

දෙමළ සන්ධානයේ නායකයන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එලෙස අදහස් පළ කළ ඔහු වැඩිදුරටත් සඳහන් කළේ නව ව්‍යවස්ථාව දකුණේ දේශපාලන බලවේග පමණක් පිළිගන්නා ව්‍යවස්ථාවක් නොවිය යුතු බවයි.

එසේම පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන්ද ඔවුන් වව්නියාවේදී සාකච්ඡා කර තිබෙනවා. සාකච්ඡා වූ කරුණු පිළිබඳ සති දෙකක් තුළ අවසන් තීරණයක් ගන්නා බවයි විපක්ෂ නායක ආර්.සම්බන්ධන් කියා සිටියේ.