සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය වූ තරුණියක් ඝාතනය කෙරේ

Sunday, 17 July 2016 - 8:45

%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
සමාජ මාධ්‍ය තුළින් ආන්දෝලනාත්මක  ඡායාරූප  හා vedio දර්ශන පළ කළ තරුණියක් ඝාතනය කර තිබෙනවා.

පකිස්ථානයේ පන්ජාබි ප්‍රදේශයේ ජීවත් වූ 26 හැවිරිදි මෙම තරුණිය සිය සහෝදරයා විසිනුයි ඝාතනය කර ඇත්තේ්.

මෙම තරුණිය ඇයගේ ආන්දෝලනාත්මක ඡායාරූප මෙන්ම වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කිරීම සම්බන්ධයෙන්  ජනප්‍රියත්වයට පත්ව සිටියා.

තරුණිය පළ කරන ලද  ඡායාරූප අතර මුස්ලිමි පූජකවරයකු සමග ගත්  ඡායාරූපයක් ද වූ බව සදහන්.

අදාළ තරුණියගේ මව්පියන් ප්‍රකාශකර ඇත්තේ සහෝදරයා සමග ඇතිවු මතබේධයකින් අනතුරුව ඔහු සිය සහෝදරියගේ ගෙල මිරිකා ඝාතනය කර ඇති බවයි.

විප්ලවකාරී සෙල්ෆි ඡායාරූප හේතුවෙන් සාමාජජාල වෙබ් අඩවිවල ජනප්‍රිය වූ ඇය සිය පවුලට අගෞරවයක් කර ඇති බව පවසමින් සහෝදරයා මෙම ඝාතනය සිදුකර ඇති බව සඳහන්.

තමාට එල්ලවූ තර්ජන හේතුවෙන් ඇය සිය පදිංචිය පන්ජාබයේ සිට කරච්චියට වෙනස් කරනු ලැබූයේ මෑතකදියි.

මෙම ඝාතනයට අදාළ සැකකාර සහෝදරයා මෙතෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන නැහැ.

කෙසේවෙතත් ඔහුගේ දෙමව්පියන් පොලිස් භාරයට ගෙන ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.

විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ ආගමට පටහැනි ක්‍රියා සිදු කරන කාන්තාවන් ඝාතනය කිරීම පකිස්ථානයේ නිරන්තරයෙන් සිදුවන්නක් බවයි.

ඇගේ ඝාතනය හෙළා දකින සිනමා අධ්‍යක්‍ෂ ෂර්මීන් ඔබයිඩ් චිනෝයි කියා සිටියේ පාකිස්ථානයේ කිසිදු කාන්තාවක් ආරක්ෂිත නොවන බවයි.

ෂර්මීන් ඔබයිඞ්ගේ අ ගර්ල් ඉන් ද රිවර් චිත්‍රපටයට මේ වසරේ ඔස්කාර් සම්මානයද හිමිවුණා.

එම චිත්‍රපටයෙන් කියවෙන්නේද මිනිසත් බවේ අයිතීන් අහිමිවී ඇති පාකිස්ථාන කාන්තා පරපුර පිළිබඳවයි.