ප්‍රංශය දේශ සීමා රකින්න ස්වේච්ඡා හමුදා රැස් කරයි

Sunday, 17 July 2016 - 8:58

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පුද්ගලයන් 84 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් පසුගිය බ්‍රහස්පතින්දා නීස් නුවර බැස්ටීල දින සැමරුමට එල්ලවූ ප්‍රහාරයෙන් පසු සිය ස්වේච්ඡා හමුදාවන් තර කිරීමට ප්‍රංශය පියවර ගෙන තිබෙනවා.

දේශ සීමා ආරක්ෂා කිරීම සඳහා පොලිස් ස්වේච්ඡා භටයන් 12 000 ක් කැඳවා ඇති බවයි විදෙස් ප්‍රවෘත්ති සේවා සඳහන් කළේ.

කැමැත්තක් දක්වන සියලුම දේශමාමක ප්‍රංශ ජාතිකයන්ට ස්වේච්ඡා භටයන් ලෙස එක්වන්නැයි ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය බර්නාඞ් කැසනූව් විවෘත ඉල්ලීමක් කළා.

නීස් නුවරට එල්ලවූ ප්‍රහාරය සිය අනුගාමිකයන් විසින් සිදුකරන ලද බව අයි.එස්. සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.