ප්‍රදේශ රැසකට වැසි

Sunday, 17 July 2016 - 10:40

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
අද දිනයේ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නැගෙනහිර හා ඌව පළාත්වල ගිගුරුමි සහිත වැසි ඇති විය හැකි අතර සෙසු පළාත් වල තැනින් තැන වැසි ඇතිවන බවයි දෙපාර්තමේන්තුව නිවෙිදනය කළේ.

පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ හමිබන්තොට හරහා මාතර දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වෙිගය පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි වීමේ හැකියාවක් ද පවතිනවා.

එබැවින් එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවෙි.