කොකේන් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනේ (ඡායාරූප)

Sunday, 17 July 2016 - 11:16

%E0%B6%9A%E0%B7%9C%E0%B6%9A%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
වතුකරයේ අලෙවි කිරීම සදහා රැගෙනවිත් නෝර්වුඞ් - රොක්වුඞ් වතුයායේ නිවසක සගවා තිබූ කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර කොට්ඨාශ අපරාධ අංශයේ නිලධාරින් පිරිසක් අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු කොට්ටාව - මහල්වරාව ප්‍රදේශයේ යතුරුපැදි හිස්වැසුම් නිෂ්පාදනය කරන ස්ථානයක සේවකයෙකු බවයි පොලිසිය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වැටලීම සිදුකළ පොලිස් නිලධාරින් නෝර්වුඞ් පොලිසියට භාරදී ඇති අතර ඔවුන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සදහන් කළේ.



ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ