සිරියාවේ ගුවන් ප්‍රහාරවලින් 28 දෙනෙකු මියයයි

Sunday, 17 July 2016 - 11:24

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+28+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සිරියාවේ ආණ්ඩු විරෝධී කැරලිකරුවන්ගේ බලකොටුවක් වූ ඇලෙප්පෝ වෙත ඊයේ එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කුඩා ළමයින් ද ඒ අතර සිටින බව සිරියානු මානව හිමිකම් නිරීක්ෂණ සංවිධානය ප්‍රකාශ කළා.

ඇලෙප්පෝහි සිටින විදෙස් වාර්තාකරුවන් සදහන් කළේ ගුවන් ප්‍රහාර සදහා බැරල් බෝම්බ යොදා ගෙන ඇති බවයි.

සිරියානු රජයේ හෝ රුසියානු ගුවන් යානා මගින් මෙම ප්‍රහාර එල්ල කරන්නට ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

සිරියානු සටන් විරාමය තවදුරටත් ආරක්ෂා කිරීම පිළිබදව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන්කෙරී රුසියානු විදේශ කටයුතු ඇමති සර්ජි ලැවරොෆ් සමග ඊයේ සාකච්ඡාවක නිරත වනවා.