පිලියන්දල ඝාතනයට හේතුව පෞද්ගලික ආරවුලක්දැයි සැක

Sunday, 17 July 2016 - 12:19

%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BD+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%9A
පිලියන්දල - ජයමාවතේ දී  ඊයේ (16) සිදුවූ පුද්ගල ඝාතනයට හේතුව පුද්ගලික ආරවුලක් බවට සැක මතු වී ඇතැයි පොලිසිය පවසනවා.

වැඩිදුර පරීක්ෂණ සදහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සදහන් කළා.

පිලියන්දල - ජය මාවතේදී මෝටර් රථයකින් ගමන් කළ පුද්ගලයෙකු නාඳුනන පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කර තිබුණේ ඊයේ රාත්‍රියේදීයි.

මෙලෙස ඝාතනයට ලක්වූයේ අගුලාන ප්‍රදේශයේ පදිංචි නැව් සේවා සමාගමක නිලධාරියෙක්.

ඔහු පුද්ගලික අවශ්‍යතාවයක් සදහා යමින් සිටියදී ඝාතනයට ලක්වූ බවටයි තොරතුරු ලැබී ඇත්තේ. ඝාතනය සිදුකළ පුද්ගලයන් පිළිබදව වැදගත් තොරතුරු රැසක් ලැබී ඇති අතර, ඒ පිළිබදව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බවයි පිලියන්දල පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.