බරවා රෝගය තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

Sunday, 17 July 2016 - 14:58

%E0%B6%B6%E0%B6%BB%E0%B7%80%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BB%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ශ්‍රී ලංකාව බරවා රෝගය තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ මස 21 වන දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ ඊට අදාළ සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආසියානු කලාපයේ අධ්‍යක්ෂිකාව විසින් තමා වෙත භාරදීමට නියමිත බවයි.

ඒ අනුව අග්නිදිග ආසියාතික කලාපයේ බරවා රෝගය තුරන් කළ දෙවන රට බවට පත්වන්නේ ශ්‍රී ලංකාවයි.

බරවා රෝගය තුරන් කළ කලාපයේ අනෙක් රට වන්නේ මාලදිවයිනයි.

වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවෙන් බරවා රෝගීන් තිස් දෙදෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඉන් 24ක්ම ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.