පොලිස් නිලධාරීන් තුන්දෙනෙකුට මරු කැඳවමින් පොලිස් ස්ථානයකට එල්ලවූ ප්‍රහාරය

Monday, 18 July 2016 - 8:58

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA
දකුණු දිග ඇමරිකාවේ බැස්ටන්රූජ් නගරයේදී නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි තැබීමකින් ඇමරිකානු පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙම වෙඩි ප්‍රහාරයෙන් තවත් තුන්දෙනෙකු  තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා පලාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.  

ඇමරිකානු පොලිස් ප්‍රහාරයකින් කළු ජාතිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ රට තුළ කළු ජාතික විරෝධතා රැල්ලක් ආරම්භ කෙරුණා.

ඒ අතරතුර ඩලස් පොලීසියට කළු ජාතිකයෙකු සිදුකළ වෙඩි ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.