අත්‍යාවශ්‍ය ආහාර වැඩි මිලට විකිණූ වෙළඳුන් 200 ක් අල්ලයි - වෙළඳුන් පාලන මිලට බෑ කියයි

Monday, 18 July 2016 - 7:07

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%AB%E0%B7%96+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+200+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B6%E0%B7%91+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
රජය මගින් පාලන මිලක් නියම කර තිබියදී අත්‍යාවශ්‍ය භාණ්ඩ වැඩි මිලට අලෙවි කළ වෙළඳුන් අල්ලා ගැනීම සඳහා කළ වැටලීම්වලදී වෙළඳුන් 200 ක් පමණ හසුවී ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

ඊයේ සහ පෙරේදා යන දිනවල කොළඹ, ගම්පහ ඇතුලූ ප්‍රදේශ රැසක වෙළඳ ස්ථාන 500 ක් පමණ මෙහිදී පරීක්ෂාවට ලක් කර ඇති බවයි එම අධිකාරියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මේ අතර වෙළඳපොලේ පවතින ප්‍රමිතියෙන් තොර පොල්තෙල් සහ කොත්තමල්ලි සොයා ඉදිරියේදී වැටලීම් සිදුකිරීමටද ඔවුන් සූදානම් වනවා.  

කෙසේ වෙතත් රජය පැනවූ පාලන මිල හේතුවෙන් ප්‍රමිතියෙන් තොර ආහාර ද්‍රව්‍ය වෙළදපොළට ලැබීමේ අවදානමක් පවතින බව සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සහ සිල්ලර ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.

එහි සභාපති බන්දුල ජයමාන්න කෑගල්ල ප්‍රදේශයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ හාල්මැස්සන්, පරිප්පු, සීනි සහ කඩලවලට පාලන මිලක් නියම කිරීම ගැටළුසහගත බවයි.