අගමැති, දකුණු ආසියානු ඩයස්පෝරා සමුළුව සිංගප්පූරුවේදී අද අමතයි

Monday, 18 July 2016 - 8:09

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A9%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%9D%E0%B6%BB%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AF+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සිංගප්පුරු නිල සංචාරයේ රාජතාන්ත්‍රික  කටයුතු අද ආරම්භ වනවා.

ඒ අනුව එරට රැෆල්ස් සම්මන්ත්‍රණ කේන්ද්‍රයේ පැවැත්වෙන තුන්වන දකුණු ආසියානු ඩයස්පෝරා සමුළුවට අග්‍රාමාත්‍යවරයා අද එක්වනු ඇති.

එහි ප්‍රධාන දේශනය පවත්වන්නේද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින්.

මෙම සමුළුව සඳහා සම්භාව්‍ය අමුත්තන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, විද්වතුන් සහ සිවිල් සමාජ නායකයන් දහසකට වැඩි පිරිසක් එක් වනවා.

21 වන සියවසේ ලෝක දේශපාලන කරළියේ දකුණු ආසියානු කලාපීය භූමිකාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.

තුන්දින නිල සංචාරයක් සඳහා ඊයේ අලුයම දිවයිනෙන් පිටත්ව ගිය අගමැතිවරයා ඇතුලූ දූත පිරිසට සිංගප්පූරු චැංගි ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී උණුසුම් පිලිගැනීමක් හිමිවුණා.

අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේදී එරට ජනාධිපතිිවරයා සහ අග්‍රාමාත්‍යවරයාද හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.