එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකුට මරු කැඳවූ රිය අනතුර (ඡායාරූප)

Monday, 18 July 2016 - 7:54

%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%96+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගයේ හබරාදුව - කහවැන්නගම ප්‍රදේශයේ ඊයේ රාත්‍රී සිදුවූ  රිය අනතුරකින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ සිද්ධියෙන් මියගිය දෙදෙනෙකු එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු බවයි.

පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ  ගාල්ල - බූස්ස ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25, 27 යන වයස් සීමාවල පසුවන තරුණයන් තුන්දෙනෙක්.

මොවුන් සංචාරක මඟ පෙන්වන්නන් ලෙස කටයුතු කරන බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.



(ඡායාරූප - රොෂාන් පියතිලක)