දියණිය සමඟ දුම්රියට පැන්න මව මරුට (ඡායාරූප)

Monday, 18 July 2016 - 8:48

%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B8%E0%B7%80+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හපුතලේ  ඇඩිෂන් රේල් ගේට්ටුව ආසන්නයේදී දියණිය සමඟ දුම්රියට පනින ලද මව එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මෙලෙස බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ තැපැල් දුම්රියට පැන සියදිවි හානිකරගෙන ඇත්තේ වයස අවුරුදු 35 ක කාන්තාවක්.

සිද්ධියෙන් තුවාල ලැබූ වයස අවුරුදු 10 ක් වන දියණිය මේ වනවිට දියතලාව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔවුන් වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, මෙලෙස දුම්රියට පැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

මේ අතර අනාවරණය වී ඇත්තේ ඔහුගේ සැමියා මේ වන විට බන්ධනාගාරගතව සිටින බවයි.





(ඡායාරූප - නයනාන්ද බුවනෙක)