උමාඔයට ගිය ලොරියක් අතරමග පෙරලෙයි (ඡායාරූප)

Monday, 18 July 2016 - 10:15

%E0%B6%8B%E0%B6%B8%E0%B7%8F%E0%B6%94%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හල්දුම්මුල්ල සහ බලංගොඩ අතර වල්හපුතැන්න ජාතික පාසල අසලදී ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීගොස් තිබෙනවා.

කොළඹ සිට උමාඔය ව්‍යාපෘතිය දක්වා සිමෙන්ති මිශ්‍රණ රැඟෙන යමින් සිටි ලොරියකුයි මෙසේ පෙරලී ඇත්තේ.

අනතුර හේතුවෙන් කිසිවෙකුටත් තුවල සිදු වී නොමැති අතර ලොරියට බරපතල හානි සිදුව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.


(ඡායාරූප - බුවනෙක නයනානන්ද )