Update : නාමල් රාජපක්ෂට ඇප

Monday, 18 July 2016 - 10:33

Update+%3A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදාහැරීමට කොළඹ - කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද නියෝග කළා.

ඒ අනුව සැකකාර මන්ත්‍රීවරයා රුපියල් 50 000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප තුනක් මතයි මුදාහැරීමට නියෝග කර ඇත්තේ.

ඊට අමතරව මොහුට විදෙස් ගමන් තහනම් කළ අධිකරණය ගමන් බලපත්‍රය අධිකරණ භාරයට පත් කරන ලෙසයි දැනුම් දුන්නේ.

නඩු විභාගය අගෝස්තු මස 8 වනදා යළි කැඳවනු ඇති.

රුපියල් මිලියන 70 ක මුදලක් අස්ථාන ගතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඉකුත් 11 වනදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණි අවස්ථාවේදි නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනුණා.

රග්බි ක්‍රීඩාව දියුණු කිරීමට යැයි පවසමින් ක්‍රීඩා සමාජයකට ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 ක් ලබාගෙන එය පෞද්ගලික ගිණුමට බැර කර ගත් බවට මොහුට විරුද්ධව චෝදනා එල්ලවී තිබෙනවා.




Update : Monday, July 18, 2016  11.31
----------------------------------------------

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පසුගිය 11 වනදා සිට අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් සැකකාර මන්ත්‍රීවරයා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

රුපියල් මිලියන 70ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණි අවස්ථාවේදියි ඔහුව අත්අඩංගුවට ගැනුණේ.

රගර් ක්‍රීඩාව දියුණු කිරීමට යැයි පවසමින් ක්‍රීඩා සමාජයකට රුපියල් මිලියන 70 ක මුදලක් ලබාදෙන ලෙසට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් ක්‍රිෂ් සමාගමට දැනුම්දීමක් කර ඇති බව හෙළිදරව් වුණා.

ක්‍රිෂ් සමාගම කොළඹ කොටුව ට්‍රාන්ස්වල්ඞ් චතුරස‍්‍රයේ අක්කර 4.3ක ඉඩමක් 99 අවුරුද්දක බද්දට ලබාගෙන මහල් නිවාස සහ හෝටල් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් ක්‍රිෂ් සමාගමේ හිමිකරු වන ගුප්තා නැමැත්තාගෙන් මන්ත්‍රීවරයා ලබා ගත් එම මුදල අදාළ ක්‍රීඩා සමාජයට ලැබී නොමැති බවයි මූලික පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ.