ප්‍රදේශ කිහිපයක කුකුළු මස් වෙළඳුන් පාලන මිලට එරෙහිව විරෝධතාවක

Monday, 18 July 2016 - 11:21

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%94++%E0%B6%B8%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
කුකුළු මස් සඳහා රජය පැනවූ පාලන මිලට විරෝධය පළ කරමින් හැටන්, බගවන්තලාව සහ මස්කෙළිය ප්‍රදේශවල කුකුළු මස් වෙළඳුන් අද විරෝධතාවක  නිරතවුණා.

කඩ සාප්පු වසා දමමින් ඔවුන් මෙම විරෝධතාවට එක්ව සිටි අතර, එහිදී ඔවුන් කියා සිටියේ රජය පැනවූ රුපියල් 495ක පාලන මිලට කුකුළු  මස් අලෙවි කළ නොහැකි බවයි.

කුකුළු ගොවිපල හිමියන්ට පහසුකම් ලබාදී ඔවුන්ට පනවා ඇති බදු සහන ඉවත් කර අඩු මිලට කුකුළු මස් තොග වශයෙන් ලැබෙන්නේ නම් පාලන මිලට කුකුළු මස් අලෙවි කළ හැකි බව ඔහු එහිදී සඳහන් කළා.