සිරියාවේ දෙවන විශාලතම නගරය අත්පත් කරගැනීමේ මෙහෙයුම් තවදුරටත්

Monday, 18 July 2016 - 11:43

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A++%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA++%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
සිරියාවේ දෙවන විශාලතම නගරය වන ඇලෙප්පෝ අත්පත් කරගැනීම සඳහා එරට රජය විසින් ආරම්භ කළ විශේෂ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

කැරළිකරුවන් සහ ආරක්ෂක අංශ අතර ඇතිවූ ගැටුම් හේතුවෙන් ලක්ෂ තුනකට වැඩි පිරිසක් පීඩාවට පත්වී තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ ඉන් වැඩි පිරිසක් ආහාර නොමැතිවීම නිසා දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බවයි.

සිරියාවේ දෙවන විශාලතම නගරය වන ඇලෙප්පෝ දැනට පවතින්නේ කැරළිකරුවන් ග්‍රහණයේයි.

පවතින ගැටුම් හේතුවෙන් ඊයේ දිනයේදී පමණක් පුද්ගලයන් 30 කට වැඩි පිරිසක් ජීිවිතක්ෂයට පත්වී ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.