කිලිනොච්චියේ ළිඳක තිබී පස් හැවිරිදි දරුවෙකුගේ සිරුරක් සොයාගැනේ (ඡයාරූප)

Monday, 18 July 2016 - 13:22

%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B6%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%93+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A+%28%E0%B6%A1%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කිලිනොච්චියේ ළිඳක තිබී පස් හැවිරිදි දරුවෙකුගේ සිරුරක් සොයාගැනේ

කිලිනොච්චිය - වඞ්ඩකච්චි - කුඩුකාඩු ප්‍රදේශයේදී දින දෙකකට  පෙර අතුරුදන්වූ පස් හැවිරිදි දරුවෙකුගේ මළ සිරුරක් ප්‍රදේශයේ ළිඳක තිබියදී සොයාගෙන තිබෙනවා.

පසුගිය 15 වනදා අතුරුදන්වූ මෙම දරුවා සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසියට පැමිණිල්ලක්ද ලැබී තිබුණා.

ඒ අනුව පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී දරුවාගේ සිරුර ඊයේ සොයා ගැනුනේ.

ප්‍රදේශයේ ගෙවත්තක පිහිටි වගා ළිඳක තිබියදියි.

දරුවා මියයාමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.




ඡයාරූප - (රොමේෂ් මධුශංක )